අකුරක් ඇහිඳින්න පිහිටක් වෙමුද?

ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව අතරෙ ඉන්න තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස හයකින් සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන උන්නු ළමයි අපේ පාසැල් වයසේ දූ දරුවෝ අපිට අමතක කරන්න පුළුවන්ද?

How can we forget the victims of the flood and landslides? There are kids among them, who lost their school text books, notes, tutorials, question papers etc. Some of them has to sit for the Advanced Level examinations in 3 months while some of them were looking forward to sit for the ordinary Level examinations in 6 months.

Can we forget them?

එයාල මුතු ඇට අත් අකුරෙන් සටහන් ලියපු, බ්‍රවුන් පේපර් පිටකවර දාගෙන ආදරෙන් පරෙස්සම් කරපු සටහන් පොත් ඒ විදියටම අපිට ආපහු දෙන්න බැරිවෙයි. ඒත් අපිට පුළුවන් එයාලව බිංදුව මට්ටමේ ඉඳන් ටිකක් හරි ඉහළට ඔසවලා තියන්න.

I know we can’t replace the notebooks they have lost the same way they had them; carefully hand written, and protected with brown paper covers etc. Yet, we can help them lifting up their spirits a bit.

අපි මෙතැන ඒ දරුවන් වෙනුවෙන් විෂය සටහන්, පුනරීක්ෂණ සටහන්, ටියුට්, පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සහ අනුමාන ප්‍රශ්ණෝත්ත එකතු කරනවා. ඔබටත් මේ සඳහා ස්කෑන් කල සටහන් ලබා දෙන්නට පුළුවන්නම්, sammani.premaratne@gmail.com ඊමේල් ලිපිනයට ඒවා යොමු කරන්න.

We are collecting subject notes , revision notes, tutorials, past papers, practice questions/ answers here, for those who are in need. If you wish to contribute, please email the notes to sammani.premaratne@gmail.com

මේ ව්‍යාපෘතියේ දෙවන අදියර විදියට ඔබට පුළුවන් ඒ සටහන් කට්ටල ඡායාපිටපත්ගතකර, අවශ්‍ය දරුවන් අතරේ බෙදාහරින්න උදව් වෙන්න.

As a second stage of this project, you can distribute these sets of notes among the kids who are in need, by printing the downloaded notes.

ඒ විදියට සකසාගන්න සටහන් කට්ටල අරගෙන අපි ගමෙන් ගමට යමුද? ඔබ මොකද කියන්නේ? අපිත් එක්ක එකතු වෙනවා නේද?

Let’s take the sets of notes from village to village. What do you say? You are with us, aren’t you?

21 Comments

  1. Reply

    අත්‍යාවශ්‍යම වැඩක්…මාත් මේ පාර විභාගෙට ලියන හිංද වටිනාකම දන්නව….මාත් පාඩම් කරන ගමන් නෝට් ටික pdf කරල් දෙන්නන්….කොහොමද දෙන්නෙ??

  2. S. C. Pasqual

    Reply

    Good.
    I can help with
    1. Transport \ delivery
    2. Limited amount of prints \ photocopy
    3. Some past papers \ theory books for mathematics.

    • pasan

      Reply

      Thank you Pasqual !!

      We’ll definitely need your support. Please send your contact details to 071 366 13 58 (Pasan). We’ll contact you when we need your help.

  3. sahantha

    Reply

    I will be able to help with photocopy and transport… Let me know more details…

    • pasan

      Reply

      Thank you very much Sahantha. Still we’re collecting soft copies. We’ll contact you when we need your support. Please send your contact details to 071 366 13 58 (Pasan).

  4. Sameera

    Reply

    මමත් එනවා. මමත් ඔබලාට උදව් කරන්නේ එක සිතින්..මා ලග නෝට්ස් තීනවා හොදම තත්වයේ මං ඒවා ලබා දෙන්නම්.

    • pasan

      Reply

      බොහොම ස්තූතියි සමීර. නොට්ස් PDF විදියට pasanbuddhika@gmail.com ලිපිනයට ඊෙම්ල් කරන්න පුළුවන් නම් අපට ඉතාමත් පහසුයි.

  5. බණ්ඩාර විජේසුන්දර

    Reply

    වැඩේ ඉතාමත් ඉහළින් අගය කරනවා මම නුවර දුව මේ පාර උසස් පෙළ කරන්නෙ වාණිජ විෂයන් නුවර හොදයැයි සම්මත ගුරුවරුන් අතරින් ආර්ථික විද්‍යාව – වසන්න යාපා බණ්ඩාර ව්‍යාපාර අධ්‍යයනය-කැෂ්මියර් ප්‍රබුද්ධ නැවත ආර්ථික විද්‍යාව-අසේල මල්ලිකරත්න යන අයගේ නිබන්ධන අත්පොත් PDF කරලා දෙනන් පුළුවනි කෙටි සටහන් පොත් කිහිපයකුත් තිබෙනවා මගේ අදහස ළමයින්ගේ පාසලේ හෝ පන්තියේ අතින් ලියන ලද සටහන් උසස් පෙළ සදහා දැන් කියවන්න වෙලාවක් නැහැ මාස කට ආසනන් කාලයක් නිසා මුද්‍රණය කරන ලද පැහැදිල අකුරු සහිත මා කියන නිබන්ධන සටහන් ලබාදීම තමයි ඉතාම වැදගත් මෙම කටයුතත් සදහා උසස් පෙළ ගුරුවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගනන් පුළුවනි නම් ඉතා වැදගත් නැතිනම් නුවර ද පස්ට් ආයතනය අමතනන් අත් පොත් පිටපත බැගින් ලබාදෙයි ඒ අය ගම්පය නුගේගොඩ ප්‍රසිද්ධ ගුරුවරු සමබන්ධ කර ගනන් පුළුවනි න්ම ඒය අයත් නිබන්ධන සටහන් ලබාදෙයි
    ද පස්ටි කාර්යාලය 0815-629239
    කැෂ්මියර් සර් 0777-845000 ගම්පහද පන්ති පවත්වයි

    මෙම කටයුත්ත ඉතාම ප්‍රවේශම් සහිතය සටහන් අනපිළිවෙලට ලබාදීම කල යුතුයි මේ සදහා යන වියදම් ගැන යම් අවබෝධයක් ලබා ගත්තද කොහොමද මුදල් එකතු කරන්න‍ෙ
    උසස් පෙල විෂයයන් අනුව ළමයි කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද යන දේ ග්‍රාම නිළධාරි හෝ ප්‍රාදේශිය‍ෙ ල්කම් හරහ තොරතුරු ලබා ගැනීම වඩා ප්‍රතිඵලදායකයි එක් ළමයෙක් වෙනුවෙන් විශාල ඡායාපිටපත් ප්‍රමාණයක් ලඅබෙනවා මේ කරුණු ගැන සංවාදයකට මුල පුරනන් මෙහි සංවධායක වරුන්ගේ දුරකථන අංක ලබා දෙනවා නම් මම කැමැතියි සංවිධානය සදහා යම් මැදිහත් වීමක් ලබා දෙනන්

  6. Reply

    උපරිම සමාජ සත්කාරයක්. වැඩ සටහන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  7. Thilaka

    Reply

    හරිම වටිනා වැඩක් බස්සී .මේ වැඩේ සාර්ථක වෙනවා සිකුරුයි. මම සහයක් දෙන්න පුළුවන් විදිහක් බලනවා. . මේ සටහනම දෙමල බසට පරිවර්තනය කර ගන්නත් දෙමල භාෂාවෙන් පාඩම් සටහන් හොයන්නත් කෙනෙක් සම්බන්ධීකරණය කරලා දෙන්නද ?

    • Yash

      Reply

      පුළුවන්නම් ලොකු උදව්වක් තිලක අයියෙ.

  8. sashini piyaratne

    Reply

    i have maths chemustry n physics notes and past papers. If i can know a place i can deliver them

    • Yash

      Reply

      Thanks a lot sashini.

      Could you please post those to No, 459/4, Highlevel road, Navinna, Maharagama. Then we could scan and upload the pdfs and distribute the hard copies as well.

  9. Aruna Perera

    Reply

    ඔබලාගේ වැඩ කටයුතුවලට ඉතසිතින් සුබ පතනවා. අපිත් හැකි මට්ටමෙන් යම් යම් ක්‍රියාකරකම් සඳහා දායකවෙනවා. ඔබේ යුතුකමට අපි ගරුකරනවා.

  10. dhanushka keerthirathna

    Reply

    මගේ බිරිඳ OL ඉතිහාසය ගුරුවරියක් …
    අනිත් ප්‍රශ්න පත්‍රත් හොයාගන්න පුළුවන් වෙයි .
    කොහොමද එවන්නේ ?
    CAN I HAVE YOUR MOBILE NUMBER?
    0715859401

  11. Sachintha Nawagamuwa

    Reply

    ගොඩක් හොඳ වැඩක් ඇත්තට ම. මාත් හැකි උපරිමයෙන් ම උදව් උපකාර කරනවා මෙම මහඟු සමාජ සත්කාරයට…

Leave a Reply to Chathu Maheshi Cancel reply

Your email address will not be published. Required fields are marked *